මලියදේව විද්‍යාලය ශ්‍රී ලංකාවේ කුරුණෑගල නගරයේ ඇති පිරිමි පාසලකි. කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්ගේ ප්‍රධානත්වයෙන් පරමවිඥානාර්ථ බෞද්ධ සංගමය විසින් 1888 වසරේදී මලියදේව විද්‍යාලය ආරම්භ කරන ලදි. මලියදේව වීද්‍යාලය ශ්‍රී ලංකාවේ ජනප්‍රිය යයි සම්මත පාසලකි. මලියදේව විද්‍යාලය ජාතික පාසලක් වන අතර ප්‍රාථමික හා ද්විතීක යන අංශ වලින් අධ්‍යාපන කටයුතු පැවැත්වේ.
ඉතිහාසයකර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් 1880 මැයි 16 වන දින බ්‍රිතාන්‍ය ලංකාවට පැමිණීම ලංකා ඉතිහාසයේ සුවිශේෂී සිද්ධියකි. බිද වැටෙමින් පැවති බෞද්ධ සාරධර්ම යළි ඇති කරමින් බෞද්ධ අධ්‍යාපනයට පුනර්ජීවයක් ලැබීමට මහෝපකාරී වූයේ ඕල්කට් තුමාගේ මූලිකත්වයෙන් පරමවිඥානාර්ථ බෞද්ධ සමාගම ආරම්භ වීමයි. එම සංගමය මගින් මුලින්ම ආරම්භ කරන ලද පරමවිඥානාර්ථ බෞද්ධ පාසල කොළඹ ආනන්ද විද්‍යාලයයි. එය 1886 ආරම්භ වූ අතර 1887 දී මහනුවර ධර්මරාජ විද්‍යාලයද 1888 දී කුරුණෑගල මලියදේව විද්‍යාලය ආරම්භ කරන ලදි. මලියදේව විද්‍යාලය මුලින්ම කුරුණෑගල තරුණ බෞද්ධ සංගමය සතු බෝධිරාජ මාවතේ පිහිටි ස්ථානයක ආරම්භ කෙරැණු අතර 1909 දී ඇත්කද රජමහා විහාරය ඉදිරිපිටට ගෙනයන ලදි. පසුව 1936 දී මීගමු පාරේ දැනට විද්‍යාලය පවත්වාගෙන යන ස්ථානය විද්‍යාලයට ලැබී තිබේ.
|
මලියදේව විද්‍යාලයේ අද දවසකුරුණෑගල නගර මධ්‍යයේ විශාල භූමි භාගයක පිහිටා ඇති මලියදේව විද්‍යාලයේ දැනට(2014) සිසුන් 5000 කට අධික ප්‍රමාණයක් සිප්සතර හදාරන අතර වයි.ජී තිලකරත්න විදුහල්පතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 200 කට අධික ගුරුමණ්ඩලයක්ද සීටී. මලියදේව විද්‍යාලයෙන් බිහිකල විශිෂ්ඨයින් රැසකි. හිටපු ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති දයා රත්නායක, ශ්‍රි ලංකා නීතිපති ජයනාත් ජයසූරිය හා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් ඒ අතරින් කිහිපදෙනෙකි. 2015 අ.පො.ස උසස් පෙළ විභහගයේ දිවයිනේ විශිෂ්ථතම ප්‍රතිඵල වාර්තා කිරීමටද මලියදේව විද්‍යාලයට හැකිවිය.
|
නිවාසවිද්යාලීය සියලුම සිසුන් නිවාස හතරකට බෙදා ඇත. එම නිවාස වලට බෙදනුයේ විද්‍යාලයට සිසුවෙකු ඇතුලත් වන විට ලබාදෙන ඇතුලත් වීමේ අංකය හතරෙන් බෙදා ලැබෙන ශේෂය අනුව වර්ග කිරීමෙන්ය. Houses:
|