Since 1954
යූ.බී වන්නිනායක මහතා 1930 - 1949 දක්වා මලියදේව විද්‍යාලය උපරිම ශ්‍රේණියේ විද්‍යාලයක් බවට පත් කිරීමට අවශ්‍ය වූ නිර්ණායක ඇති කිරීමට කටයුතු කලේය.උසස් පෙළ විද්‍යා අංශය ඇරඹෙන්නේ අප විද්‍යාලය උපරිම ශ්‍රේණියේ විද්‍යාලයක් කිරීමට අවශ්‍ය වන සුදුසුකම් සපිරීමක් වශයෙනි.
මලියදේව විද්‍යාලයේ ප්‍රථම විද්‍යාගාරය ඉදිකෙරෙන්නේ 1949 වර්ෂයේ දී කුරුණෑගල තරුණ බෞද්ධ සංගමයේ පරිත්‍යාගයක් වශයෙනි.මෙම විද්‍යාගාරය ඉදිවීමත් සමගින් විද්‍යා අංශයේ ඉගැන්වීම් කටයුතු ආරම්භ කෙරිණි.
1950 මුල් දශකයේ විද්‍යා අංශයට විශාල සේවාවක් සිදු කළ ගුරු දේපල වශයෙන් සී.ඒ.වනිගසේකර මහතා හා ටී.බී.හේරත් මහතා හැඳින්විය හැක.විද්‍යා අධ්‍යාපන අංශයට ඔවුන් කල කැප කිරීම නිසා මලියදේව විද්‍යා විද්‍යා අංශයෙන් මුල සිටම විශේෂත්වයක් හා විශිෂ්ටත්වයක් විදහා දක්වයි.1951 වසරේදී ප්‍රථම වරට විද්‍යා සිසුන් කණ්ඩායමක් රසායන විද්‍යාව,භෞතික විද්‍යාව,උද්භිත විද්‍යාව,ජීව විද්‍යාව,සංයුක්ත ගණිතය හා ව්‍යවහාරික ගණිතය විෂයන්ගෙන් ජේෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගයට පෙනී සිට ඇත.
1954 වර්ෂයේදී බී.පී.වැලිකල මහතා විසින් මලියදේව විද්‍යාලයේ විද්‍යා සංගමය ආරම්භ කර ඇත.එවකට එහි උප සභාපති වරයා වශයෙන් කටයුතු කලේ පසු කාලයකදී විද්‍යා අංශ ප්‍රධානියෙකු වශයෙන් කටයුතු කල ඒ.පී.කෙ.තිලකරත්න මහතය.ලේකම් වශයෙන් කටයුතු කලේ පසු කාලීනව ආදී ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයෙකු වූ ජේ.ලංකාතිලක මහතා ය.
පුරා වසර 64ක් මුළුල්ලෙහිම මලියදේවයන් ගේ කිතු ගොස ලංකාද්වීපය සිසාරා රැව් පිලි රැව් නැංවූ මලියදේව විද්‍යා අංශය මලියදේවයේ අභිමානය බවට පත්වී හමාරය.එවන් අභිමානවත් වූ විද්‍යා අංශයට ජීවනාලිය බඳු වූ විද්‍යා සංගමයද වසර 60ක් මුළුල්ලේම විද්‍යාලීය අභිමානය ඔප්නංවමින් ප්රතාපවත් ගමනක යෙදෙමින් සිටි.අතීතයෙහි පටන්ම මලියදේව විද්‍යාලිය විද්‍යා අංශය ''මලියදේවයෙහි හදවත'' යන ගෞරව නාමයෙන් අභිසෙස් ලැබුවේ මේ නිසාමය.එවන් අභිමානවත් පරමාදර්ශී ප්රතාපවත් අංශයක පුරුකක් වීමට ලැබීම මලියදෙව විද්‍යාලීය විද්‍යා සිසුන් ලද මහත් වූ වාසනාවකි..
Devans Bio and mathematics batch Official Facebook page